පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට යාබදව ඇති සුදු අරලියා හෝටලය එම වැව් රක්ෂිතයට අයිති භූමියක ඉදිකර නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.
එහෙත් එම හෝටලයේ ඉදිරිපස වැට ඉදිකර ඇත්තේ වැව් රක්ෂිත ප්‍රදේශයක බවට දැනට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම කියා සිටියි.
එම නිසා ඉවත් කරනවා නම් ඉවත් කිරීමට ඇත්තේ එම හෝටලයේ වැට පමණක් බවද ඒ මහතා පෙන්වා දෙයි. ඩඩ්ලි සිරිසේන මහතා එම හෝටලය ලබාගෙන ඇත්තේ සංචාරක මණ්ඩලයෙන් බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
වැව් රක්ෂිත මැනීමේ කටයුතු හැකි නම් පරාක්‍රම සමුද්‍ර රක්ෂිතයේ ඇති ඩඩ්ලි සිරිසේනගේ හෝටලය ඉවත් කර ආරම්භ කරන ලෙස සිදුකරන අභියෝගවලට පිළිතුරු ලෙස උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.