ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තම මහා අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.
ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තගේ නිවසට අලාභ හානි සිදුකිරීම පිළිබඳ නඩුව ඊයේ (24) කැඳවූ අවස්ථාවේය.
ඊයේ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වූ බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවත් නීතීඥයකු මාර්ගයෙන් එය ඉදිරියේ දී අධිකරණයට දැනුම් දෙන බවත් අජිත් ගිහාන් ප්‍රකාශ කරයි.