ආයෙමත් බොරු කියන්නේ නෑ…. ආණ්ඩුව ජාත්‍යන්තර ගිවිසුමකට අත්සන් තබයි…!

July 25, 2025 at 9:38 am | by emanisa.lk

කාම්බෝජයේ සියම් රීප් නුවරදී පැවැත්වූ 20 වැනි ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්‍රකාශනයට අත්සන් තැබීය.

එම ප්‍රකාශනය මගින් කලාපීය වශයෙන් සාවද්‍ය තොරතුරු මැඩලීම සඳහා වන ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමටත්, තොරතුරු අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

විකාශන සංවර්ධනය සඳහා වන ආසියා ශාන්තිකර විකාශන ආයතනය (AIBD) විසින් සංවිධානය කරන ලද සහ කාම්බෝජයේ තොරතුරු අමාත්‍යාංශය විසින් සත්කාරකත්වය දරන ලද මෙම සමුළුවට කලාපයේ රටවල මාධ්‍ය විෂය භාර අමාත්‍යවරුන්, ප්‍රමුඛ මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ මාධ්‍ය වෘත්තිකයන් ඇතුළුව 200කට අධික විදේශීය නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

ජුලි 22 වන දින ආරම්භ වූ මෙම සමුළුව, කාම්බෝජයේ තොරතුරු අමාත්‍ය H.E. නෙත් ෆීක්ත්‍රා මහතාගේ සහ ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිලෝමේනා ඥානප්‍රගාසම් මහත්මියගේ ප්‍රධාන දේශන සමඟින් ආරම්භ විය.

මෙම ප්‍රකාශනය මගින් කලාපීය වශයෙන් සාවද්‍ය තොරතුරු පැතිරීම පාලනය කිරීමට සහ තොරතුරු සන්නිවේදනයේ විශ්වසනීයත්වය ඉහළ නැංවීමට වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *