අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතක් හෝ නිශ්චිත යෝජනාවලියක් මෙතෙක් සකස් කර නොමැති බව සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (23)මේ බව ප්‍රකාශ කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හෙට (24) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරනු ලබන “පවර් පොයින්ට්” ඉදිරිපත් කිරීමක් හෝ වෙනත් ලියවිල්ලක් මත පදනම්ව දැනට සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමාත්‍ය රත්නායක පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් විය යුත්තේ අධ්‍යාපන විශේෂඥයන්, විෂය ප්‍රවීණයන් සහ විවිධ සමාජ කණ්ඩායම්වල අදහස් මත පදනම්ව බවද ඔහු අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටියේ, පැවැත්වෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ධවල පත්‍රිකාවක් (white paper)නොමැතිව විවාදය ඉදිරියට ගෙන යා හැකිද යන්නයි. මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත යෝජනාවලියක් හෝ සටහනක් ලබා දී නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.