හිටපු ජනාධිපති විශේෂ වරප්‍රසාද අහෝසියි… පනත අහෝසි කරන්න කැබිනට් අනුමැතිය…!

July 22, 2025 at 1:24 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

එම විශේෂ වරප්‍රසාද ඉවත් කරන බවට පොහොසත් රටක් –ලස්සන ජීවිතයක් යන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබිණි.

ඒ අනුව එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *