ජනපති මාධ්‍ය අංශය සඟවන්න බැරි වන ලකුණු… අභියාචනාධිකරණයෙන් සුපිරි තීන්දුවක්…!

July 20, 2025 at 9:44 am | by emanisa.lk

කිසියම් රාජ්‍ය ආයතනයක් මහජන මුදල් වැය කර කරන කටයුත්තක් සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවකදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු රාජ්‍ය ආයතන ප්‍රධානියකුට නීතිමය හිමිකමක් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කරයි.

එවන් තොරතුරු නිකුත් කරන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව නියම කළ විට එම තොරතුරු නිකුත් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු බව එම නඩු තීන්දුවේ විශේෂයෙන් සඳහන් කර ඇත.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා තොරතුරු සභාව කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් ටෙලිකොම් සමාගම මුල්කර තිබූ පෙත්සම් තුනක් ගාස්තුවට යටත් කර නිෂ්ප්‍රභා කරමිනි.

මෙම සුවිශේෂී නඩු තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රත්නප්‍රිය ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් විසිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන පිරිස පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ විස්තර ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කළ පසුබිමක මෙම තීන්දුව ලැබිම සුවිශේෂය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *