බේරුවල නගර සභාවේ බලය ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය එකතු වී ඊයේ (14) ලබා ගත්තේය.
එහි සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ එම්.ඒ. මොහොමඩ් මබාසිම් ද උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ බී. විමලසිරි ද තේරි පත්විය.
මෙහි දී සභාවේ බහුතර කැමැත්ත අනුව බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසේකර විවෘත ඡන්දයක් පැවැත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී බේරුවල නගර සභාවේ ස්වාධීන කණ්ඩායමට ආසන 7ක් ද සමගි ජන බලවේගයට ආසන 6ක් ද ජාතික ජන බලවේගයට ආසන 3ක් හිමිවිය.