රටේ ආර්ථිකය කඩා වට්ටවා බලය ලබා ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්තිය වුවද රටේ ආර්ථිකය රැකගනිමින්, බලය ගෙන එම ආර්ථිකය තව දුරටත් වර්ධනය කිරීම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්තිය බව එහි මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
එම නිසා ඇමරිකානු තීරු බදු ප්රශ්නය හමුවේ රජය විවේචනය කර අපහසුතාවට පත්කිරීමට උත්සහ නොදරන බවයි, මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.
මෙරට ආයෝජකයින් රැකගැනීම වෙනුවෙන් වඩා හොඳ කණ්ඩායමක් ඇමරිකානු සාකච්ඡා සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඊට අසමත් වුණු බව ද ඔහු කියා සිටියි.