CID නිලධාරීන් මැලේසියාවට ගියේ පද්මෙලා ගේන්න නෙමෙයි… ඔවුන් අත් අඩංගුවට ගත් බවට කිසිම තොරතුරක් ලැබී නෑ…! – ශ්‍රී ලංකා පොලිසිය….

July 14, 2025 at 3:14 pm | by emanisa.lk

අපරාධ කල්ලි සාමාජිකයන්වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත යන සැකකරුවන් මැලේසියාවේ අත්අඩංගුවේ සිටිනා බවට වන කිසිදු රාජතාන්ත්‍රික මට්ටමේ හෝ පොලිස් අංශ තොරතුරක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මැලේසියාවට සහ තායිලන්තයට පිටත්ව ගොස් ඇත්තේ මැලේසියාවේදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 26 දෙනෙකු පිළිබඳ විමර්ශනයට වන අතර එම නාම ලේඛනයේ මෙම සැකකරුවන් දෙදෙනාගේ නම් අන්තර්ගතව නොමැති බවයි.

මැලේසියාවේ දී විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය දැනුම්වත් කර ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *