පාසලේ ජල බිල්පත් බරත් දෙමාපියන්ට…. ආණ්ඩුවෙන් කොටසක් දෙයි…!

July 14, 2025 at 9:53 am | by emanisa.lk

පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයකුට මසකට ලීටර් 400 ක් වැය වෙතැයි ගණනය කොට රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බවත් සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන නැත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

එසේම පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතු බවද එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.

එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට පාසල්වලට ජල බිල්පත් ලැබීමේදී රජයේ ගාස්තුව සහ අමතර ගාස්තුව යනුවෙන් කොටස් දෙකකින් යුතුව බිල්පත නිකුත් කිරීමට නියමිත අතර අමතර ගාස්තු යටතේ ඇති මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් ගෙවිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *