ළිං මැඬි න්‍යායෙන් රට කරවන්න බෑ… කම්හල් වැහෙනවා… දහස් ගණන් රස්සා නැති වෙනවා…! – ආනන්ද පාලිත….

July 13, 2025 at 11:44 am | by emanisa.lk

අධික විදුලි බිල සහ ඉන්ධන මිල නිසා වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

“10% බද්ද තියෙනකොට – ඇඟළුම්වලට 6% – 16% අතර බද්ද තියෙන කොට – ඒත් කර්මාන්තශාලා ගණනාවක් වැහුණා. විදුලි බිල අඩුකරන්න තියෙද්දී ජනාධිපතිතුමා පළමුවෙන්ම ඒ වගකීම පැහැර හැරියා. ඔක්තෝබර් අඩුකළා නම් 33% කින්, අපි ජනවාරි 20% කින් අඩුකරනවා.

මේ මාසෙත් ඉන්ධන මිල නිවැරදිව අඩු කරන්න කියලා මම කරුණු පෙන්නුවේ ඒකයි. එක නැවක් ස්පොට් ටෙන්ඩරයට ක්ෂණික මිලදීගැනීමට ගෙනල්ලා ඉන්ධන මිල වැඩි කළා. විදුලියයි ඉන්ධනයි වැඩිකිරීම මත 10% බද්ද තියෙද්දීත් ඇඟළුම්වලට 6% – 16% තියෙද්දීත් අපේ කර්මාන්තශාලා වැහුණා.

වියදම වැඩියි කියලා අද බහුජාතික සමාගම් ඉවත් වෙනවා. ළංමැඩි න්‍යායට නිකම් හිටියා. ඉතා ක්ෂණිකව මාසයක් එකහමාරක් යනකොට රට තුළ නැගෙන්නේ රැකියා විරහිත අඳෝනා.”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *