පාස්කු ප්‍රහාරය ගැන හිරේ හිටි පිල්ලෙයානුත් හොඳටම දැනං ඉඳලා…! – ඇමති ආනන්ද විජේපාල….

July 9, 2025 at 5:15 pm | by emanisa.lk

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම්වත්භාවයකින් සිටි බව මේ වන විට අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

එමෙන්ම යුධ හමුදා බුද්ධි සමාජිකයන්ද පිල්ලෙයාන් සමග ඒ වන විට බන්ධනාගාරගතව සිටි බවත් ඔවුන් පිල්ලෙයාන් සමගින් ඉතාම සමීපව කටයුතු කර ඇති බවත් සාක්ෂි මගින් අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ කරුණු හොඳන් දන්නා අසාද් මවුලානා ලංකාවට ගෙන්වා ගෙන අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව ද ආනන්ද විජයපාල ප්‍රකාශ කරයි.

අද (09) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *