රු. 5000කට මිල දී ගත හැකි මල්ටි ප්ලග් එකක් රු. 72500කට මිල දී ගැනීමට යන බවට චෝදනා කරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ නොදන්නා අය බව අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.
එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඕනෑම අයකුට අධිකරණයට යා හැකි බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
ලොකු ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යා හැක්කේ ලොකු ව්‍යාපාරිකයන්ට බව ද ඕනෑම අයකුට ප්‍රසම්පාදන ක්‍රියාවලියට පැමිණිය හැකි බව ද හෙතෙම සඳහන් කරයි.
එහි යම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් අධිකරණය හමුවට නොයා චෝදනා නගන යුගය අවසන් කළ යුතු බවත් ඇමති නලින්ද ජයතිස්ස වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අද (08) කැබිනට් මාධ්‍ය හමුවට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.