හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ඊයේ (07) ඩුබායිහි සිට පාතාල නායකයකු දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රටින් පළා ගොස් සිටින සියලු ම පාතාළ නායකයින් හා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වීමට නියෝග දීම පිළිබඳ ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය කර ඇත.
මේ වන විට මේ සිදුවීම පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා සියලු ම පොලිස් අංශ දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.