වත්මන් දුර්වල පාලනය රට ආගාධයෙන් මුදා ගන්න බෑ…! – දිලිත් ජයවීර…

July 5, 2025 at 4:28 pm | by emanisa.lk

මෙරට දේශපාලන නායකයන්ගේ සහ බලවේගවල අඩුපාඩු නිසා බාහිර දේශපාලන බලවේගවලට අතපෙවිය හැකි තත්ත්වයට රටේ දේශපාලන ස්වෛරීත්වය දුර්වල වී ඇතැයි සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

විදෙස් රටවල් සමග අත්සන් කළ ගිවිසුම් රටේ ජනතාව දැනගත යුතු නැතැයි ජනතාවට කියන තත්ත්වයට නායකයන් පත්ව ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

රට හමුවේ ඇති භූ දේශපාලන සහ ආර්ථික අභියෝගවලට විසඳුම් නොමැති බලවේගයකට රට වත්මන් ආගාධයෙන් මුදා ගැනීමට නොහැකි බව ද ඒ සඳහා බලවේගයක් ගොඩනැඟිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

සර්වජන බලය බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සමග ඊයේ (04) එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *