පාතාළය ගොඩනැඟුණේ අද ඊයේ නොව වසර 50ක පමණ කාලයක් තිස්සේ එය වැඩුණු බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ජනතාව පාතාළය මර්දනයට තීන්දුව ගත්තේ 2024 වසරේ බවයි.
මේ වන විට ඩුබායිවල සිට පාතාළය මෙහෙය වන තැනට දුරදිග ගොස් ඇති බවත් එය අනිවාර්යෙන්ම අවසන් කරන බවත් ප්‍රකාශ කරන ටී.බී. සරත්, ඒ සඳහා අවශ්‍ය කාලය පමණක් බව ද අවධාරණය කරයි.