සජබ මතුගම දිනුවේ මන්ත්‍රීවරු නිවාස අඩස්සියේ දාලා ත්‍රස්තවාදයෙන්…! – ඇමති නලින්ද ජයතිස්ස…

July 2, 2025 at 10:14 am | by emanisa.lk

සමගි ජන බලවේගය මතුගම ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගත්තේ ත්‍රස්තවාදයෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“මන්ත්‍රී කණ්ඩායම එක තැනක රඳවා ගෙන, නිවාස අඩස්සියක වගේ තබා ගෙන, එහෙම කරලා තමයි, මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න ඒගොල්ලො කටයුතු කළේ.

ඉතින් මේක තාවකාලික ජයග්‍රහණයක් විතරයි. ඒ ත්‍රස්තවාදය. මේ මතුගම නගරය මේකෙන් මුදවාගන්නට ඕනෙ.

මන්ත්‍රීවරු රඳවාගෙන දේශපාලන මතය බලහත්කාරයෙන් ගත්ත එක සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි.”

ඇමති නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ ඊයේ (01) කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *