තෙල් නැග්ගත් බස් ගාස්තුව බහී….!

July 1, 2025 at 6:22 pm | by emanisa.lk

එළැඹෙන ජුලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවය.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ද එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එළැඹෙන ජුලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *