2028 වසරේදී විදෙස් ණය ආපසු ගෙවීම සඳහා වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් හෝ වුවමනාවක් නොමැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
“මේක 2028 නැවත ණය ගෙවන්න සිද්ධ වෙන රටක්. ඒවාට කිසිම සැලැස්මක්, කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. බන්ධනාගාර බස් රථයට විතරක් වැඩ තියෙනවා, එච්චරයි.
ආණ්ඩුවට වෙන කරන්න කිසිදෙයක් තේරෙන්නෙත් නෑ, දන්නෙත් නෑ, ඕනෙකමකුත් නෑ. දන්න එකම දේ ඒක විතරක් කරන් ඉන්නවා.
ඉතින් ඒක විතරක් කරලා 2028 ණය ගෙවන්න ලැබෙනවා නම් ඉන්න ඔක්කෝම ඇතුළට දැම්මත් කමක් නෑ. සෑම ක්‍රියාවකටම සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තියෙනවා.”
විමල් වීරවංශ හිටපු මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.