ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග්ට රු. ලක්ෂ දහයක්…!

June 29, 2025 at 8:00 pm | by emanisa.lk

රෝගාතුරුව සිටින ගායන ශිල්පි ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා ඉෂාක්ට කෝටියක් මැයෙන් ක්‍රියාත්මක ක්‍රියාත්මක වැඩසටහනට ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක් ලබාදී තිබේ.

එම චෙක්පත අද දින සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි ඉෂාක් බෙග් මහතාගේ නිවසටම ගොස් ලබාදීමට කටයුතු කළේය.

ඒ අවස්ථාව සමග ගායක ගායිකා සංගමයේ සභාපති විශාරද රොහාන් ද සිල්වා, ලේකම් සෝමසිරි මැදගෙදර ද එක් වූහ.

ඒ අනුව මේ වන විට ඉෂාක් බෙග්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා 11,500,000 මුදලක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ප්‍රවීණ ගායක අල්හාජ් මොහිදීන් බෙග් මහතාගේ පුතා වන ඉෂාක් බෙග්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල ද රු. මිලියනයක් පරිත්‍යාග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *