හඳුන්නෙත්ති Economic Forum යැවීම විශාල අකරතැබ්බයක්… යවන්න තිබ්බේ ලක්මාලි….! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි….

June 29, 2025 at 7:36 pm | by emanisa.lk

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති Global Economic Forum වැනි ජාත්‍යන්තර සමුළුවක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීමට යාම නියත වශයෙන්ම විශාල අකරතැබ්බයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

සුනිල් හඳුන්නෙත්ති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධිය ලැබුව ද Global Economic Forum වැනි ජාත්‍යන්තර සමුළුවක අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ මට්ටමේ පරිණත අයකු නොවන බව ද මහාචාර්ය දේවසිරි අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, රට තුළ බලය තහවුරු කර ගැනීමට මිස මෙවැනි දේ කෙරෙහි ආණ්ඩුවේ අවධානය ප්‍රමාණවත් නොවන බවත් හඳුන්නෙත්ති වෙනුවට මේ අවස්ථාවට ලක්මාලී හේමචන්ද්‍ර යොමු කළේ නම් හොඳ බවත් ය. නැත්නම් පරිවර්තකයෙකුගේ සහයෙන් හඳුන්නෙත්තිට සභාව ඇමතිය හැකිව තිබූ බව ද මහාචාර්ය දේවසිරි ප්‍රකාශ කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *