මාලිමා සැලොන් දොර හැමෝටම විවෘතයි…! – ඇමති ලාල්කාන්ත…

June 29, 2025 at 10:01 am | by emanisa.lk

ජාතික ජනබලවේගය පක්ෂය පුළුල් කිරීමේ කටයුතු නවත්වා නොමැති බවත් පක්ෂය පුළුල් කිරීමේ කටයුත්ත තව දුරටත් සිදුකෙරෙන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

පාර්ලිමේන්තු හෝ පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් තම පක්ෂය අත්හැර මන්ත‍්‍රී ධූරය සමඟ ආණ්ඩුවට එක්වීමට සූදානම් නම් ඊට අවස්ථාව තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

යම් පක්ෂ ප්‍රමාණයක් තමන් පක්ෂ ලෙස එක්කර ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොණ්ඩමන්වරුන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය සමඟ කටයුතු කිරීම උදාහණයක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

වෙනත් ඕනෑම පක්ෂයක මන්ත‍්‍රීවරුන් ස්වාධීන වී තමන් සමඟ එක්වීමට සූදානම් නම් ඒ අයගේ සහාය ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අමාත්‍ය ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *