ඉස්සරත් හොටෙල්වලට කීරි සම්බා රටින් ගෙනාවා…! – කෘෂිකර්ම නි. ඇමති….

June 29, 2025 at 9:40 am | by emanisa.lk

කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“කීරි සම්බා ගත්තාම විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයට අවශ්‍ය වෙනවා. නාඩු සහ සම්බා සහල්වල නම් ප්‍රශ්නයක් නැහැ. කීරි සම්බා සහල්වල යම්කිසි ගැටලු මතුවෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන, හෝටල් කර්මාන්තය ඉලක්ක කරගත්තාම එහෙම ප්‍රශ්න මතුවෙනවා. ඒ තත්ත්වයන් තුළ කොහොමත් අපි හෝටල්වලට අදාළ සහල් යම් ප්‍රමාණයක් හැමදාම හැම විටම රටට ආනයනය කිරීමක් කරලා තියෙනවා.”

නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ ඊයේ (28) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *