විපක්ෂයේ දේශපාලනඥයන් 40 කට වැඩි ප්‍රමාණයකට ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
“හිතාගන්න බැරි අයට මේ වෙනකොට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. මේක පෝලිමක් එනවා. අර විමල් වීරවංශ කිව්වානෙ 40ක සෙට් එකක් ඉන්නවා කියලා. 40ට වඩා වැඩියි මහත්තයෝ. වීරවංශට කියන්න ඕනෙ, වීරවංශත් ඒ ගොඩේ ඉන්නවා.”
නි. අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.