යාපනයේ අරියාලේ චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න සමූහ මිනී වල ස්ම්බන්ධයෙන් පැවැත්වෙන ජනතා විරෝධතාවයට එක්වීමට ගිය ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ට දැඩි ජනතා විරෝධයක් එල්ල විය.
මෙහිදී ජනයා අමාත්‍යවරයාට දැඩි විරෝධතාවක එල්ල කරමින් පවසා ඇත්තේ, අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීමට කටයුතු නොකල බවයි.
අවසානයේ ආරක්ෂකයන්ගේ ආරක්ෂාව මැද අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යනතුරුම එම විරෝධය පැවැත්විණි.
චෙම්මනි සමූහ මිනී වළ 1996 වසරේ සොයා ගත් අතර එහි කැණීම් කටයුතුවල දී මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් සොයා ගැනිණි. මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් නඩුවක්ද ගොණු වී තිබේ.