රහස් ඡන්ද තියන්නේ විපක්ෂෙ මන්ත්‍රීලගේ ස්වාධීනත්වය රැක දෙන්න…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

June 24, 2025 at 4:55 pm | by emanisa.lk

විපක්ෂය පළාත් පාලන ආයතන සභාපතිවරුන් තේරීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලා සිටින්නේ සිය මන්ත්‍රීවරුන් විශ්වාස කළ නොහැකි නිසා බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පළාත් පාලන ආයතන බලය රහස් ඡන්දයක දී ආණ්ඩුවට ද විවෘත ඡන්දයක දී විපක්ෂයට යෑමට හේතුව කුමක්දැයි මාධ්‍ය විමසූ අවස්ථාවේය.

නි.ඇමතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව රහස් ඡන්දයෙන් ජය ගත්ත ද එය ද ඡන්දයක් බවයි.

ජනතාව සිය නියෝජිතයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් භාවිත කරන්නේ නම් ප්‍රතිපාදන අනුව පළාත් පාලන ආයතන සභාපතිවරුන් ද රහස් ඡන්දයෙන් තෝරා ගැනීමේ වරදක් නොමැති බව ද සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.

විවෘත ඡන්දයක් පැවැත් වූ විට මන්ත්‍රීට ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හිමි නොවන බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *