මන්ත්‍රී රියදුරන්ට දියවන්නාවෙන් සැප බංගලාවක්…. නුවරඑළියේ මන්ත්‍රී නිවාඩු නිකේතනය සේවකයන්ටත්….!

June 22, 2025 at 6:56 pm | by emanisa.lk

පාර්ලිමේන්තු රැස්වීම් දිනවල මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට රැඳී සිටීම සඳහා ස්ථානයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ දී සාකච්ඡා විය.

ඒ අනුව ඉදිරියේ දී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ කොටසක් පාර්ලිමේන්තු සේවකයන් සඳහා වෙන් කිරීමට ද එහි දී තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *