පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරීමට බුදු දහම තුළින් මඟ පෙන්වා තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියහොත් පෙරහැර නතර කර දමන බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙළ අද ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවයි ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් පැවසුවේ.
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍ය ශතක සංවත්සර සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.