රාජපක්ෂලා ගෙදර යන්න අධිවේගයේ අන්තර් හුවමාරු හදලා…!

June 21, 2025 at 10:11 am | by emanisa.lk

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි එකම සේවා කලාපය රාජපක්‍ෂ පාලන සමයේදී වසර 99 කට රුපියල් 10,000 කට බදු දී ඇති බව ඇමති බිමල් රත්නායක පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, එවකට බලයේ සිටි පුද්ගලයන් තම නිවෙස්වලට යාමට පහසු වන පරිදි අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදිකර ඇති බවයි.

ඔහු නිදසුන් ලෙස, මාතර – ගොඩගම අන්තර් හුවමාරුව කිලෝමීටර් 5ක් ඈතින් කපුදූවේ ඉදි කර ඇති බවත්, එය කොළඹට යාමට-ඒමට රණවක යන අයෙකුගේ පහසුව සඳහා ඉදිකර ඇති බවත් පැවසීය.

එමෙන්ම, බෙලිඅත්ත අන්තර් හුවමාරුව කිලෝමීටර් 6ක් ඈතින් දැඩිගම ඉදි කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක් පමණ වැය වන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙම අකටයුතුකම් සිදුකළ පුද්ගලයන් අද බණ දේශනා කිරීමට ඉදිරිපත් වන බවටද අමාත්‍යවරයා චෝදනා කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට පළමු අධිවේගී මාර්ගය වූ බැවින් එහි මූලික ඉදිකිරීම්වලදී බොහෝ වෙනස්කම් සිදු වූ බවද අමාත්‍ය රත්නායක වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *