පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කාර්යාලය ඔස්සේ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැටුප් ලබා ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පවසයි.
අදාළ දූෂණ කමිටු වාර්තාව සභාගත කරමින් අද (20) ඔහු පෙන්වා දුන්නේ ආනන්ද විජේපාල වැටුප් සහ දීමනා ලෙස රු. දොළොස්ලක්ෂ අසූපන්දහස් එකසීය හැටක් ලබා ගෙන ඇති බවයි.
කෙසේ වුව ද ඊයේ නාමල් රාජපක්ෂ විසින් ආනන්ද විජේපාල දූෂණ විරෝධී කමිටුවෙන් වැටුප් ලබා ගෙන ඇති බව සඳහන් කළ විට ඇමති ආනන්ද විජේපාල එම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය.