නව මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත්කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් නුදුරේ දීම ඉල්ලා අස්වනු ඇත.
ආචාර්ය හර්ෂණ නානායක්කාර බොහෝ දුරට එළඹෙන සඳුදා මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයේ වැඩභාර ගනු ඇත.
2022 ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාරගත් මහින්ද සිරිවර්ධන පසුගියදා (18) එම ධුරයෙන් විශ්‍රාම ගියේය.