රටේ නීතිය දන්නේ ඉංග්‍රීසි කතා කරන අයයි… අනික් අයගේ දැනුම මදියි…! – අධිකරණ ඇමති…..

June 20, 2025 at 2:55 pm | by emanisa.lk

මේ රටේ සිංහල සහ දෙමළ භාෂා කතා කරන පුද්ගලයන් අතර නීතිය පිළිබඳ දැනුම බෙහෙවින් මද බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

“මේ රටේ නීති අධ්‍යාපනය සීමා වෙලා තියෙනවා පහුගිය කාලේ රිසර්ච් එකක හැටියට. ඉංග්‍රීසි කතා කරන පිරිස තුළ රටේ නීතිය ගැන සාමාන්‍ය අවබෝධයක් තිබුණාට පහළ භාෂා ඒ කියන්නේ වෙනත් භාෂා සිංහල සහ දෙමළ කතා කරන කට්ටිය තුළ නීතිය ගැන අවබෝධය ගොඩක් මදියි.”

ඇමති හර්ෂණ නානායක්කාර ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *