ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැති අතර එහි නගරාධිපති ධුරයට ජාතික ජන බලවේගයේ සුනිල් ගමගේ පත්විය.
නගරාධිපති තේරීම සඳහා ආණ්ඩුව රහස් ඡන්දයක් ද විපක්ෂය විවෘත ඡන්දයක් ද ඉල්ලා සිටි අතර ඒ සඳහා පැවති ඡන්දයෙන් ආණ්ඩුවට 19ට 17ක් ලෙස ජය හිමි විය.
ඒ අනුව පැවති රහස් ඡන්දයේ දී සුනිල් ගමගේට ඡන්ද 19ක් ලැබිණි. එහි නියෝජ්‍ය නගරාධිපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පත්විය.