දිස්ත්‍රික්ක පහක බලය අල්ලන්න ආණ්ඩුව තොණ්ඩමන් එක්ක එක්වෙයි…!

June 17, 2025 at 11:05 am | by emanisa.lk

ජාතික ජන බලවේගයට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන ගණනාවක බලය පිහිටුවීම සඳහා සහය ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගියදා හැටන්, කොටගල පැවති පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවකදී පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඒ බව දැනුම්දී ඇති බව ද වාර්තා වෙයි.

වැඩි දුරටත් වාර්තා වන ආකරයට ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව එම තීරණයට එළඹ තිබෙන බව එහිදී සඳහන් කර ඇත.

ඒ යටතේ කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලය හිමි නොවූ නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල සහ දෙනියාය කොටපල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහය ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04ක සභාපති ධුර පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත් ඒවායේ උප සභාපති ධුර ජාතික ජන පලවේගයට ලබා දීමටත් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ලෙස නවකයන් පත්කිරීමට කොංග්‍රසය තීරණය කර ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *