ආණ්ඩුවේ රිලා සංගණනය තනිකර බොරුවක්…. මොනරු ලක්ෂ 42ක් හිටියා නම් පයට පෑගෙනවා….! – චාමර සම්පත් දසනායක….

June 17, 2025 at 10:40 am | by emanisa.lk

ආණ්ඩුවේ රිලා සංගණනය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එහි සඳහන් ආකරයට රටේ මොණරුන් ලක්ෂ 42ක් කෙසේවත් සිටිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

එතරම් මොණරුන් මෙරට සිටීනම් ඒ පයට පෑගෙන තරම් ප්‍රමාණයක් වන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

රිලා සංගණනය සිදුකර මාස ගණනක් ගිය තැන කිසිදු ප්‍රතිඵලයක් නොවූ නිසා, ඒ සඳහා මහජන ධනය යෙදවූදන්ට, කැරම් බෝඩ් නඩුවේ මෙන්ම ජම්පර් ඇන්දවීමට අවශ්‍ය බවට මතයක් හැදුණු බැවින් හදිසියේ වාර්තාවක් එළියට දැමීමට ආණ්ඩුව ක්‍රියාකළ බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී මන්ත‍්‍රීවරයා යෝජිත රිලා සහ වඳුරන් රැඳවුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියද විවේචනය කළ අතර එය කොහෙත්ම සාර්ථක වන්නක් නොවන බව ද පැවසීය.

එසේම එකී ගැටළුවට විසඳුමක් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසූ රිලා-වඳුරු සිරමැදිරි 2ක් තනා ඊට පිරිමි සතුන් සහ ගැහැනු සතුන් වෙන්කොට දැමීමේ යෝජනාවද හාස්‍යට ලක්කර සිටියේ වත්මන් ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න සම්බන්ධව ප්‍රායෝගික වැඩපිළිවෙළක් කොහෙත්ම නැති බව අවධාරණය කරමිනි.

තවද වත්මන් ආණ්ඩුවේ සාවද්‍ය චෝදනා නිසා ජනතාව විසින් ගෙදර යැවූ කංචන විජේසේකර , රමේෂ් පතිරණ වැනි හිටපු දක්ෂ අමාත්‍යවරුන්ගේ සේවය රටට ලබාගැනීමට නොහැකිවීම අපරාධයක් බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කර සිටියේ හිරු නාලිකාවක් සමඟ පැවති දේශපාලන සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *