රොඩුබොඩු සමග එකතු වී බලය පිහිටුවීම ජනවරමට පිටුපෑමක්…! – නි. ඇමති නලින් හේවගේ….

June 17, 2025 at 10:18 am | by emanisa.lk

රොඩු බොඩු හා හොර දූෂිත කණ්ඩායම් එකතු වී පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීමට කටයුතු කිරීම ජනවරමට පිටුපෑමක් බවත්, ඒ තාවකාලික වින්දනය දිගුකාලීන වේදනාවකට උරුමකම් කියන බව සජිත් හා නාමල් තේරුම් ගත යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“කිසිදු ආකාරයකින් හොරුන් සමඟ එකතු නොවන බව සජිත් ප්‍රේමදාස පසුගිය කාලේ පුන පුනා ප්‍රකාශ කළා. ඒත් පොහොට්ටුව සමඟ එකට වාඩි වී නාමල් සහ සජිත් දැන් ගොඩ එන්න හදන්නේ පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ මජර දේශපාලන නරා වළෙන්ම නම්, ඔවුන්ගේ දේශපාලනය එතැනින්ම ඉවරයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *