කොළඹ නාගරික කොමසාරිස්වරියගේ හැසිරීම රාජ්‍ය සේවයට කළු පැල්ලමක්….!

June 16, 2025 at 3:56 pm | by emanisa.lk

කොළඹ පුරපති තේරීමේ ඡන්ද විමසීමේ දී නාගරික කොමසාරිස්වරියගේ පක්ෂපාතී හැසිරීම රාජ්‍ය සේවයට කළු පැල්ලමක් බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පෙන්වා දෙන්නේ රහස් ඡන්දයක් පැවැත්වීමේ ආණ්ඩුවේ අවශ්‍යතාව වෙනුවෙන් නිතීය ද නොතකමින් කොමසාරිස්වරිය පෙනී සිටි බවයි.

පුරපති ධුරය සඳහා ඡන්දයක් කැඳවන විට දෙපිරිස රහස් ඡන්දයක් සහ විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට පළාත් පාලන පනත අනුව සභිකයන්ගේ බහුතර කැමැත්ත බැලීම සඳහා නම කියා විමසිය යුතු වුව ද ඒ සඳහා කොමසාරිස්වරිය ඉඩ ලබා නොදුන් බවට වරුණ රාජපක්ෂ චෝදනා කරයි.

කෙසේ වුව ද අවසානයේ දෙපාර්ශ්වයම රහස් ඡන්දයක් සඳහා එකඟ වූ හෙයින් නීතිය ඉදිරියට යෑමේ තාක්ෂණික ගැටලුවක් පවතින බව ද ඔහු සඳහන් කළේ, සමගි ජන බලවේග මූලස්ථානයේ අද(16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *