මේ ආණ්ඩුව එපා වුණත් විවේචනය කරන්න එපා… එහෙම කළොත් නැගිටින්නේ රාජපක්ෂ හොරු…! – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා….

June 16, 2025 at 12:43 pm | by emanisa.lk

ලොව රටවල් 147ක් අතරින් ලොව සතුටින් ම සිටින ජනතාව සහිත රටවල් අතර ලංකාව 133 වන තැනට වැටී ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

නිදහස ලැබූ දා සිට රට පාලනය කළ කිසිදු නායකයෙකුට රට ඉදිරියට ගෙන යෑමට දැක්මක් නොතිබුණු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

රට පාලනය කරන්නේ රටට පොහොර, තෙල්, ඖෂධ, ගල් අඟුරු ගෙන ඒම තීරණය කරන දූෂිත වළල්ල බව ද සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

මේ දූෂිත ජාලයේ නිර්මාතෘවරුන් වන්නේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සල්ලිකාර මිත්‍රයන් බව ද හෙතෙම අවධාරණය කරයි.

එහෙයින් මේ අවස්ථාවේ කලිකිරීමක් ඇතත් වර්තමාන ආණ්ඩුව කිසිසේත් විවේචනය නොකළ යුතු බවත් එහි වාසිය යන්නේ පැරණි දූෂිත වළල්ලටම බවත් සරත් ෆොන්සේකා පෙන්වා දෙයි.

පළමුව කළ යුත්තේ යළි හිස එසවීමට උත්සාහ කරන පැරණි දූෂිත දේශපාලන කල්ලි අතුගා දැමීම බවත් ආණ්ඩුවේ දුර්වලතා ඇත්නම් විවේචනය කළ යුත්තේ අනතුරුව බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව සැමට එක නීතියක් සඳහා දූෂණයට හා වංචාවට එරෙහි වූ ව්‍යාපාරය විසින් පවත්වන ජන හමු මාලාවේ කළුතර ජනහමුව ඊයේ (15) අමතමින් සරත් ෆොන්සේකා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *