මේ වසරේ කිසිදු බදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
පසුගිය දා විදුලි බිල ගාස්තුව 15%කින් ඉහළ දැමීම හා ඊට අදාළ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව ඔවුන් නැවතත් රජයට දැනුම් දුන් බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඊළඟ විස්තීර්ණ ණය පහසුකම ලබා දෙනු ලබන්නේ ඒ ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේය.