සත්ව සංගණන ප්‍රතිඵල වාර්තාව මාස තුනකට පසු එළියට….!

June 12, 2025 at 1:08 pm | by emanisa.lk

පසුගිය මාර්තු 15 වනදා සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

අදාල වාර්තාවට අනුව සංගණනයේ දී හෙළි වී ඇති තොරතුරු අනුව ලංකාවේ රිලව්, වඳුරු, දඬුලේන් සහ මොනර ගහන මිලියන 13.81කි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අනාවරණය කළ සංගණන දත්ත අනුව එම සතුන්ගේ සම්පූර්ණ ප්‍රමාණය පහත දැක්වෙයි.

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනුන් – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24

මෙම සංගණනය පවත්වා මාස තුනකට අධික කාලයක් ගෙවී ගිය ද විවිධ හේතු දක්වමින් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම කල්දැමුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *