කොළඹ පුරපති සටන…: සජිත් හකීම් තීරණාත්මක හමුවක…!

June 12, 2025 at 10:35 am | by emanisa.lk

කොළඹ මහ නගර සභා පුරපති සටනට විපක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට විපක්ෂය සූදානම් වෙයි.

ඒ සඳහා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවූෆ් හකීම් කොළඹ දී අද (12) සාකච්ඡා කරනු ඇත.

කෙසේ වෙතත්, මේ වන විට කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයා ලෙස විපක්ෂයෙන් රිසා සාරුක් යෝජනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *