දිවුරුම් දුන් දවසේ මම වැටුණේ මාධ්‍ය කුමන්ත්‍රණයකින්…! – කඩුවෙල නගරාධිපති….

June 12, 2025 at 9:07 am | by emanisa.lk

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙස දිවුරුම් දුන් දින තමන් පය පැකිලි ඇද වැටීමට හේතුව මාධ්‍ය ආයතන දෙකක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් චෝදනා කරයි.

මෙම මාධ්‍ය ආයතන දෙක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය කරන බවට ද හෙතෙම චෝදනා කරයි.

තමන් එම උත්සවයේ අවස්ථාවේ ඉදිරියට ගමන් කරද්දී එක් මාධ්‍යවේදියෙකු කැමරා වයරයක් ඔසවනු දුටු බවත් තමන් එහි පැටලී බිම ඇද වැටුණු බවත් නගරාධිපතිවරයා කියයි.

එය කුමන්ත්‍රණයක් යයි පවසන හෙතෙම එකී මාධ්‍ය ආයතන ඔවුන්ගේ සදාරාචාරාත්මක ආචාර ධර්ම ද පසෙකලා කටයුතු කරමින් සිටින බවත් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *