මඩකලපුව මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පක්ෂයේ සහාය පවා ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පෙන්වා දෙන්නේ මඩකලපුව මහ නගර සභාවේ බලය ඇල්ලීම සඳහා ආණ්ඩුව සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග වෙත පවා එළඹීමට උත්සාහ කළ බවයි.
කෙසේ වුව ද දෙමළ ජාතික සන්ධානය සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ද සහාය ඇතිව එහි බලය තහවුරු කරගෙන තිබේ.