කසිප්පු මුදලාලිට නඩු දැම්මයි මාලිමා මන්ත්‍රීට යකා නගී…. පොලිස් සැරයන් වව්නියා අරින බවට කුණු හරුපෙන් තර්ජන…!

June 11, 2025 at 10:33 am | by emanisa.lk

කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සම්බන්ධව උරණ වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහු වවුනියාවට ස්ථාන මාරු කර යවන බවට තර්ජනය කර තිබේ.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු තමාට සිදුකළ තර්ජනය හා බැණ වැදීම සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයා විසින් සටහනක් ද යොදා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාටද පැමිණිලි කර ඇත.

මෙහිදී අදාළ මන්ත‍්‍රීවරයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජංගම දුරකථනය වෙතද ඇමතුමක් ලබාදී ‘කවුද පොලිසියේ අජිත් කියන්නේ?’ යනුවෙන් විමසා, මිනිසුන්ට බොරුවට නඩු දාලා, කනටත් ගහලා, ස්ථානාධිපති මේ ගැන දන්නේ නැද්ද අසා තිබේ.

එහිදී අදාළ ස්ථානාධිපතිවරයා අජිත් නම් සැරයන්වරයාගේ පදිංචිය ඇතුලු විස්තර ලබාදී ඔහු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගේ ඥාතියකු බවද පවසා ඇත.

‘වටගලගේද?’ ලෙස එහිදී විමසා ඇති මන්ත‍්‍රීවරයා දුරකථන ඇමතුම විසංධි කර යළිත් පසුව අමතා, අදාළ පොලිස් සැරයන්වරයා ගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ඇති බවත්, පොලිස් ස්ථානාධිපතිවරයා එය කෙටි පණිවිඩයක් ලෙස මන්ත‍්‍රීවරයාට ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

මේ සියල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ද සටහන් තබා ඇති බවද වාර්තා වෙයි.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *