කන්ටේනර් 323 රේගුවෙන් පැන්නීම… ඇමති බිමල්ට නඩු දානවමයි…! – දයාසිරි…

June 11, 2025 at 9:58 am | by emanisa.lk

කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකට අනාගතයේදී අනිවාර්යයෙන්ම නඩු පවරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“සීවලී අරුක්ගොඩ මේ ආණ්ඩුවේ පව් කරගහන්න ගිහිල්ලා ඔහු ඉතාමත් නරක තැනකට ඊයේ පත්වුණා. තමන්ට හිමි නැති බලයක් අරගෙන කන්ටේනර් 323ක් නිදහස් කිරීම තුළ බිමල් රත්නායක සම්පූර්ණයෙන් දූෂණය නමැති වරදට සම්බන්ධ වෙනවා.

සමහර වෙලාවට අපි හිතමු නම දාලා තියෙන්නෙ රෙදි කියලා කන්ටේනර් එකේ, හැබැයි එළියට එන්නෙ වාහන වෙන්න පුළුවන්. ඒ නිසා එතනින් සිද්ධ වුණු බදු ආදායම අහිමි වීමට දූෂණය කියන වරද යටතේ සම්පූර්ණයෙන් බිමල් රත්නායක වගකියන්න ඕනෙ අනාගතයේ. දැන් එයාට ඒක කරන්න බැරිවුණොත් අපි අනාගතයේදී ඔහුට ඒ වරදට අවශ්‍ය කරන නඩු කටයුතු ටික අනිවාර්යයෙන්ම පවරනවා.”

දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ පෙරේදා (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *