කන්ටේනර් 323 පැන්නූ රේගු ලොක්කන් බෙල්ජියමට සහ ඕස්ට්‍රේලියාවට පැන යන සැලසුමක්…!

June 9, 2025 at 12:09 pm | by emanisa.lk

රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් පිරිසක් රටින් පළා යාමට සැරසෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

මෙම පිරිස බෙල්ජියමට සහ ඕස්ට්‍රේලියාවට පළා යාමයට සැලසුම් කර ඇති බවත් ඔවුනට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසයි.

අද (09) පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

රේගු පරීක්ෂාවකින් තොරව පිටකරන ලද බභාලුම් තොගයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *