ජනපති සමාව අතට ගත් අනුරපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට….!

June 9, 2025 at 8:37 am | by emanisa.lk

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, 2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙනි.

වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබා දීමට සිරකරුවන් 388 දෙනෙකුගේ නාම ලේඛනයක් ජනාධිපතිතුමා වෙත යොමුකළ ද ඉහත පුද්ගලයාගේ නම එහි නොතිුබුණ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

කෙසේ වුවද අධිකරණයට මෙම පුද්ගලයාට ජනාධිපති සමාව ලැබුණු බවට තොරතුරු ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *