බිබිල මාලිමා සභාපති සැප පුටුවෙන් වේවැල් පුටුවට… සිරසින් එසැණින් මුළු ලොවටම….!

June 7, 2025 at 10:09 am | by emanisa.lk

බිබිල ප්‍රාදේශිය සභාවේ මංගල සැසිවාරය (06) වනදා ආරම්භ කළ අතර එහි සභාපති ලෙස පත්වූ ජාතික ජනබලවේගයේ සරත් විදානගමගේ තමන්ට වෙන්කර තිබූ පුටුව ඉවත්කර සාමාන්‍ය වේවැල් පුටුවක් ගෙන සභාවාරය මෙහෙයවා තිබේ.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් බිබිල ප්‍රාදේශිය සභාවේ ආසන 18න් 10ක් ජාතික ජනබලවේගය ලබාගත්තේය.

ජුනි 6 පැවති මෙම මංගල සැසිය සඳහා සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු සහභාගී වූ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා සහභාගීව නැත.

සභාපතිවරයා පුටුව මාරු කිරීම මෙම මංගල සැසියේ සිදුවූ සුවිශේෂ සිදුවීම ලෙස සිරස නිව්ස් ෆස්ට් වාර්තා කර ඇති අතර ලොව පුරා සිටින අපගේ පාඨක ජනතාව වෙනුවෙන් එම පුවත වාර්තා කිරීමට අපි ද කටයුතු කළෙමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *