පසුගියදා රේගුවෙන් පරික්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර්වල තිබුණේ ප්‍රභාකරන්ගේ ආයුධ තොගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.
“මට මේක කිව්වම මරණ තර්ජන එයි. ඒත් මම කියනවා. ඡන්දෙට කලින් ජනාධිපතිතුමා ජර්මනියට ගිහින් ඩයස්පෝරා එක හමුවුණා. හම්බ වෙලා මේ රටේ කරන්න බැරි දේවල් කරනවා කියලා පොරොන්දු වුණා.
තායිලන්තයේ කන්ටේනර්වල ඉතිරිවෙලා තිබ්බ අපේ ප්‍රභාකරන්ගේ ආයුධ ගෙනාවේ කියලා මිනිස්සු කතා වෙනවා. ජර්මනියෙන් මටත් කතා කරලා කිව්වා, මේ ඉතිරිවෙච්චි ආයුධ ටික කන්ටේනර් එකක දාලා තිබිලා ගෙනාවේ කියලා. මට මේක ඔප්පු කරන්න බෑ.”
අද (05) පාර්ලිමේන්තුව අමතමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.