අදට KDU එකේ මගේ සර්විස් එකට අවුරුදු 11යී. ඉතින් happy work anniversary! Thank you KDU for everything you gave!
ඉතින් කවුරුහරි ඇයට මේ ටික කියන්න….
ඇය ප්‍රසිද්ධ වේදිකාවේත් හෝම් වර්ක් නොකර ප්‍රකාශ කරලා තියෙනවා. උදාහරණයකට යුද්ධය ඉවර වුනේ 2011 කීවා. නහයට අහන්නේ නැති නගරාධිපති කෙනෙක් ගැන කියලා එයා ඕනවට වැඩියී මොනවා හරි කරන්න ඕන කීවා. ඇත්තටම මේ ප්‍රකාශවලින් පෙන්වන්නේ කලින් ආණ්ඩුවල අයගේ ගතිගුණ. KDU එක ගැන කමෙන්ට් කරද්දි තමන්ට ආස හිතෙන දත්ත ටික විතරක් අරන් පාර්ලිමේන්තුව වගේ තැනක කියන්න එපා. මුලින්ම KDU එකට ඇවිත් බලලා යන්න.
ඊට පස්සේ ඒකේන් එලියට ගියපු ඉන්ටේක් 10ක ලමයි දැන් ඉන්නේ කොහෙද බලන්න. එයාලා ගැන කොර්පොරෙට් සෙක්ටර් එකෙන් අහන්න (ඕන නම් ඩේටා දෙන්නම් මම ඉන්නේ වෘත්තීය මාර්ගෝපදේෂන අංශයේ) ඇයි එයාලා KDU ලමයින්වම ඉල්ලන් එන්නේ අහන්න. ඒ කැඩෙට් ඔෆිසර්ලා දැන් ඉන්නේ කොහෙද බලන්න. KDU ඒකේ ඇකඩෙමික් ස්ටාෆ් එකේ සුදුසුකම් බලන්න. ඔයාලාගේ හිටපු කතානායකට ආචාර්ය උපාධිය පෙන්න ගන්න බැරි වුනාට ඒකේ ඉන්න ආචාර්ය මහාචාර්‍යවරුන්ට සුදුසුකම් පෙන්වන්න පුළුවන්. ඔබේ ආචාර්ය උපාධිය තියෙන විශ්ව විද්‍යාලයෙන්ම ආචාර්ය උපාධි ගත්ත ආචාර්යවරුත් ඉන්නවා. කරුණාකරලා ඔය හෝම්වර්ක් ටික කරලා එන්න.
KDU එකේ සිසුන් බඳවා ගන්නේ වෙනම පටිපාටියකට තමා. නමුත් ඒකට zcore එකත් ඇතුලත්. ඒක විතරක් නෙමෙයි KDU එක බලන්නේ. තව තියෙනවා. අගමැතිනීය ඒක සභාගත කරනවා කීව නීසා මම මේ පෝස්ට් එකේ ඒක ලියන්නේ නෑ. අඩුම ඒ හෝම්වර්ක් එක කරල ඒවි කියලා හිතනවා.
මෙඩිකල් ෆැකල්ටි එකට දේශීය සිසුන් නොගන්න බවට කීව ප්‍රකාශයත් හෝම්වර්ක් නොකරපු එකක් තමා. මුලින්ම බලන්න තිබ්බේ 2024 බඳවා ගැනීම් ගැන. ලක්ෂ 150ක් තිබිලා විතරක් ඇති වුනාද බලන්න තිබ්බා. ඒ වගේම මෙඩිකල් ෆැකල්ටි එක කියන්නේම ලංකාවේ ප්‍රසිද්ධ හොඳම ආචාර්යවරු ඉන්න තැනක්.
KDU එකේ දැනටත් foriegn cadet officers සහ සිවිල් සිසුන් ඉන්නවා. සීමා සහිත රටවල් කීපයකින් තමා එන්නේ. මොකද රටවල් වලින් ට්‍රේනින් යවන්නේ මිලිටරි පවර් එක සහ තාක්ෂණය ශක්තිමත් රටවලට එයාලාගේ ක්‍රීම් එක. Legally කරන්න පුළුවන් වුනත් ජාත්‍යන්තරයේ අපි මොන මිලිටරි පවර් එක පෙන්වලාද KDU එක international කරන්නේ? යුද්ධ කාලේ marketing point එකක් තිබ්බා ( ඒක ඔයාලා ඒ කාලේ පිළිගත්තේත් නෑනේ) දැන් බජට් කපලා නම් resources technology and equipment නැත්නම් මොකක් නිසාද foriegn cadets ලා මෙහේ එන්න ඕන? අනික එහෙම එද්දි ඒ රජයන් අපේ රජයට ගෙවනවා. එතකොට අධ්‍යාපනය විකුණනවා නෙමෙයිද?
ඔය ඉන්ටර්නැෂනල් කතාව පිටිපස්සේ තියෙන්නේ සිවිල් ලමයි සියලු ඩිග්‍රීවලින් අයින් කරන එක වෙන්න පුළුවන්. ඒක ගැලරියේ අවශ්‍යතාවයක් මිසක් සමාජයේ ප්‍රශ්නයක් නෙමෙයී. ( සමාජය හා ගැලරිය පටලවගෙන හිටපු බවක් පෙනුනා). තව දෙයක් සිවිල් ලමයි නීසා නෙමෙයි ඔෆිසර් කැඩෙට්ස්ලා අඩු වුනේ. ත්‍රිවිධ හමුදාවේ බඳවා ගැනීම් කාලයත් එක්ක අඩු කිරීම නීසා. ඇත්තනේ යුද්ධයක් නෑනේ ඉතින් මොකටද බඳවගන්නේ. ඉතින් හෝම්වර්ක් කරලා එන්න.
ලංකාවේ අධ්‍යාපනය නොමිලේ වෙනවට මමත් පෞද්ගලිකව කැමතියී. විශ්ව විද්‍යාලය වෙනකම්ම රජයේ වියදමින් ඉගෙනගත්ත කෙනෙක් මම. ඒ වගෙම මම දැනටමත් ඒ ණය ගෙවලා ඉවරයී. ඒ කොහොමද කියලා වෙනම පොස්ට් එකක ලියන්නම්. ඒ වගෙම ඉගෙන ගෙන රට දාලා ගියෙත් නෑ. ඉතින් මට ලැබුන දේ අනිත් අයටත් ලැබෙන්න ඕන. සියලු පාසල් සියලු විශ්ව විද්‍යාල නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕන. ඒත් ඒක ප්‍රායොගික නෑ න්‍යාත්මකව මාරයී.
ඉතින් අගමැතිතුමියනී, මුලින්ම වැලිකන්දේ හරි මොණරාගල හරි පාසලකට යන්න. ඊට පස්සේ කොළඹ රෝයල් මියුසියස් වගේ ඒවට යන්න. වෙනස බලන්න. ඔය අතරේ ලයිසියම් CIS වගේ එවටත් යන්න. සම්පත් සමානව බෙදලා ගුරුවරුන්ට පඩි වැඩි කරන්න.ටියුෂන් නවත්වන්න( ඒක ප්‍රයිවට් නේ). ජාත්‍යන්තර පාසල් රජයට පවරගන්න. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට පහසුකම් දෙන්න. ඉන්ටේක්ස් වැඩි කරන්න. රැග් නවත්වන්න. පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට පවරගන්න. ඒවටත් zscore එකෙන්ම ලමයි ගන්න. අවස්තා වැඩි කරන්න.
ඔය අතරේ zscore නැති ලමයින්ට ඩෝලර් ලක්ෂ ගනන් වියදම් කරලා ඉන්දියාවේ සිට ඇමෙරිකාව දක්වා තමන්ට කැමති රටක ඉගෙන ගන්න දෙන්න. උපාධිය කරලා ලංකාවට නම් ගෙන්න ගන්න හිතන්නවත් එපා. ඒ වගේම රාජ්‍ය විශ්ව විද්‍යාලවල අයටත් රටින් යන්න දෙන්න. මානව සම්පත් කළමණාකරනය ඉන්න ටිකෙන් ගේම ගහයී. ඔය ඔක්කොටම ෆන්ඩ් කරන්න ටැක්ස් එක වැඩි කරමු. කීයකින්ද කියලා ගණන් හදලා ගන්න. මට මහන්සියී.
ගොටාභයට ගෙදර යන්න වුනේ හෝම්වර්ක් නොකර ඩේටා නැතුව වටේ අයට ඕන විදියට තින්දු ගත්ත නිසා. මොනා වුනත් සමහර ඉතිහාස කතා පාඩම් විදියට කාට වුනත් හරි වටිනවා.
මම මාලිමාවට චන්දේ දුන්නේ.
ආචාර්‍යය කල්පනා අඹේපිටිය
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය.